spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අඩුවෙන් පෙට්‍රල් ගැසූ පිරවුම්හල්වලට සිදු වු දේ

පෙට්‍රල් නිකුත් කිරීමේදී ලීටරයකින් 1.2%ක් අඩුවෙන් නිකුත්කළ ඉන්ධන පිරවුම්හලක පොම්ප තුනක් මුද්‍රා තැබීමට බලධාරීන් කටයුතු කර තිබේ.කොළඹ 07 හි පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හලක් පරීක්ෂා කිරීමෙදී ඒ බව තහවුරු වූ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

ඒ අනුව සෑම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ම රුපියල් 5.40ක් පාරිභෝගිකයාට පාඩුවී ඇති බව එම කොමිසම පවසයි.අදාළ පරීක්ෂාව සඳහා මහජන උපයෝගිතා කොමිසම, කාර්මික තාක්ෂණ ආයතනය සහ කිරුම් මිණුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්වී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?