අඩුපීඩන කලාපය අනිද්දා සුළි කුණාටුවක් වෙයි – දිස්ත්‍රික්ක 18 කට අයහපත් කාලගුණයෙන් බලපෑම්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවිත හානි 04ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ අයහපත් කාලගුණය මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපෑම් එල්ල කර ඇති බවයි.

කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, කෑගල්ල, බදුල්ල, මහනුවර, පුත්තලම, කොළඹ, නුවරඑළිය, වව්නියාව, මොණරාගල, කළුතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ යාපනය යන දිස්ත්‍රික්ක මෙලෙස අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව තිබෙනවා.

පුද්ගලයින් 18,376ක් අද (25) උදෑසනවන විට ආපදාවට ලක්ව ඇති අතර, නිවාස අර්ධ හානි 628ක් වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර කළුතර, රත්නපුර, කොළඹ, බදුල්ල, කෑගල්ල, ගාල්ල, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, මහනුවර යන දිස්ත්‍රක්කවලට පනවා ඇති නායයාමේ අනතුරු ඇඟවීම් අඛණ්ඩව පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින දෙක තුළ ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්කොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය අද (25) දිනයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

මෙම පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අනිද්දාවන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48