අඟුලානේ මහල් නිවාස සංකීර්ණයකින් බිමට ඇද වැටී අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

මොරටුව, අඟුලාන – සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් බිමට ඇද වැටී අද (03) පෙරවරුවේ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රසික සම්පත් මාටින් නමැති 24 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

විවාහක අයෙකු වන මොහු එක් දරු පියෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු මත්ද්‍රව්‍ය පාවිච්චිය සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ මළ ගෙදරක ගොස් පැමිණ ඇති අතර, නිවැසියන් අවදිවෙතැයි සිතා තුන් වන මහලේ ඇති කොරිඩෝව ඔස්සේ පැමිණ නිවසේ ජනේලයෙන් පැන නිවසට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී මෙලෙස ඉන් පහළට ඇඳ වැටී ඇති බවයි සැකපළ කරන්නේ.

සිද්ධිය සම්බධයෙන් අඟුලාන සහ ගල්කිස්ස පොලිස් ස්ථාන මඟින් විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?