අඟුලානේ ඇලක බිළිඳු මළ සිරුරක්

මොරටුව, අඟුලාන, ලක්ෂපතිය ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

එම ඇල මාර්ගය සුද්ද කිරීමේ කටයුතුවල නිරත සේවකයින් පිරිසක් අද (16) පෙරවරුවේ මෙම බිළිඳු මළ සිරුර සොයාගෙන ඇති බවයි දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

ඇලේ පාවෙමින් තිබූ පොහොර උරයක් ගොඩගෙන එය පරීක්ෂා කිරීමේ දී එම සේවකයින්ට මෙම මළ සිරුර හමුව ඇති අතර, පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව එහි පැමිණි පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?