අඟුරුවාතොට මව සහ දියණියගේ අවසන් කටයුතු අතර තුර ගුටිබැට හුවමාරුවක්

අඟුරුවාතොට ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ 24 හැවිරිදි කාන්තාවගේ සහ ඇයගේ මාස 11ක් වයසැති සිඟිති දියණියගේ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදුකෙරුණා.

ඒ, කෙසෙල්හේනාව පොදු සුසාන භූමියේ දීයි.

මෙම මවගේ සහ සිඟිති දියණියගේ අවසන් කටයුතු සඳහා විශාල පිරිසක් සහභාගීව සිටි බවයි වාර්තා වුණේ.

මේ අතර සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකරන අතර වාරයේ දෙපාර්ශ්වයක් අතර ගැටුමක් ද හටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ 24 හැවිරිදි කාන්තාවගේ ගම් ප්‍රදේශයවන ඉංගිරිය ප්‍රදේශයෙන් අවමංගල්‍ය උත්සවයට සහභාගීව සිටි පිරිසක් සහ සැමියාගේ පාර්ශ්වයේ පිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබුණා.

මෙම ගැටුම මැඩ පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන්ට ද මැදිහත්වීමට සිදුව තිබෙනවා.

පසුගිය 18 වනදා සිට දින දෙකක පමණ කාලයක් අතුරුදන්ව සිටි 24 හැවිරිදි කාන්තාවගේ සහ ඇයගේ මාස 11ක් වයසැති සිඟිති දියණියගේ මළ සිරුරු ඔවුන් පදිංචිව සිටි නිවසට ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක තිබී පසුගිය (21) වනදා සොයාගනු ලැබුවා.

ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හොරණ මූලික රෝහලේ පැවැත් වූ අතර, එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් විවෘත තීන්දුවක් ලබාදෙමින් මළසිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරනු ලැබුවා.

මෙම ඝාතන සිද්ධියට මියගිය කාන්තාවගේ මස්සිනා ඊයේ (22) දින පොලිසියෙන් අත්අඩංගුවට ගත් අතර, ඔහු ද කතුරකින් ඇණගෙන තුවාල සිදුකර ගැනීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01