අගෝස්තු 16 සිට “ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස් “ නමින් දුම්රිය සේවයක්

අගෝස්තු 16 වන දින සිට කොළඹ කොටුව සහ බදුල්ල අතර ක්‍රියාත්මක වන “ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස්” නමින් නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක් දියත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දර්ශනීය කඳුකරයේ මනස්කාන්ත සංචාරක අත්දැකීම විඳීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉල්ලීම මත මෙම නව දුම්රිය සේවය හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ කඳුකරයට සුවපහසු සහ දර්ශනීය සංචාරක අත්දැකීමක් අපේක්ෂා කරන දේශීය හා ජාත්‍යන්තර සංචාරකයින්ගේ වැඩිවන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් මෙම නව සේවාව හඳුන්වා දෙනු ලැබේ.

ආසන 350 කින් සමන්විත මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 5:30 ට කොළඹ කොටුවෙන් පිටත් වී පස්වරුව වන විට බදුල්ලට ළඟා වීමට නියමිතය.

පසු දින ඉරිදා රාත්‍රී 9.00 ට නැවත එම දුම්රිය බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතය.

මෙමගින් සති අන්තයේ සංචාරය කරන්නනන්ට මහත් පහසුවක් වනු ඇති බව සඳහන් වෙයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42