අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කරන ලද ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

එලෙස ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවට අනාවරණය වී ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

අග්‍රාමාත්‍යවරිය විසින් අදහස් දක්වන පරිදි සකස් කරන ලද ව්‍යාජ වීඩියෝ දර්ශන, අග්‍රාමාත්‍යවරියගේ ඡායාරූපය ඇතුළත් කර සකස් කරන ලද ව්‍යාජ පෝස්ට් සමාජ මාධ්‍ය ඔසසේ කිසියම් පිරිසක් විසින් පළ කර ඇති අතර, ඒ මඟින් විවිධ ව්‍යවසායක අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් නිර්මාණය කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

කෘත්‍රීම බුද්ධිය (AI) සහ නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කර ඇති අතර එවැනි පුවත්වලට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රජයට සහ අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලිකත්වයට හානිවන පරිදි මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම නීතිමය වශයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24