අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කරන ලද ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

එලෙස ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවට අනාවරණය වී ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

අග්‍රාමාත්‍යවරිය විසින් අදහස් දක්වන පරිදි සකස් කරන ලද ව්‍යාජ වීඩියෝ දර්ශන, අග්‍රාමාත්‍යවරියගේ ඡායාරූපය ඇතුළත් කර සකස් කරන ලද ව්‍යාජ පෝස්ට් සමාජ මාධ්‍ය ඔසසේ කිසියම් පිරිසක් විසින් පළ කර ඇති අතර, ඒ මඟින් විවිධ ව්‍යවසායක අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් නිර්මාණය කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

කෘත්‍රීම බුද්ධිය (AI) සහ නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කර ඇති අතර එවැනි පුවත්වලට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රජයට සහ අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලිකත්වයට හානිවන පරිදි මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම නීතිමය වශයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42