අගමැති රැස්වීමක් කැඳවයි

අද (03) දහවල් 11ට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලිය ගහ මැදුරේදී සියලුම කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කැදවා පැවැත්වීමට නියමිත රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද ආරාධනා කර ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් මෙම රැස්වීමට ජනාධිපතිවරයාගේ සහභාගී වීම සම්බන්ධයෙන් සියලු දෙනා විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ.

අගමැතිවරයා මෙම රැස්වීම කැදවා තිබුණේ පසුගිය සෙනසුරාදා දිනයේදීය.

දැනට ආණ්ඩුව තුළ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම මෙම සාකච්ජාවේ අරමුණ වී ඇති බව දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?