අගමැති ඉවත් නොවුනොත් ස්වාධින මන්ත්‍රීවරුන්ගේ සහය විශ්වාසභංගයට

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ,විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනාගේ කණ්ඩායමේ අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජාතික සමගි ජන බලවේගය සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළහොත් ,අලුතින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සැලැස්ම සම්බන්ධයෙන්ද,මන්ත්‍රී කණ්ඩායම මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද එම ආරංචි මාර්ග පවසන්නේ.

එම යෝජිත අන්තර් කාලීන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසිදෙනකුට අඩුවිය යුතු බවට ද යෝජනා වී ඇත .

මේ අතර ,අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව , අර්බුද විසඳීම සම්බන්ධයෙන් සහාය ලබා ගැනීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විදේශීය තානාපතිවරුන් හමු වී සාකච්ඡා කිරීමට ද පියවර ගෙන ඇති අතර,ඒ අනුව රුසියානු තානාපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා ද, චීන තානාපතිවරයා ඉකුත් සිකුරාදා ද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත්වී,නව අගමැතිවරයකු යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙස මෙම කණ්ඩායම රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටි නමුත්,ආණ්ඩුවෙන්ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා විශ්වාසභංග යෝජනාවට සහාය දීමට සිදුවනු ඇතැයි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18