අගමැති ඇතුලු පිරිස දිවයිනට

තායිලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් ඇතුළු බෞද්ධ දූත පිරිස යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මෙම පිරිස අද උදෑසන 10.45 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.