spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැති අද මැතිවරණ කොමිසම හමුවෙයි

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අද (10) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි තොරතුරු වාර්තා වුණේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ අද (10) පැවැත්වෙන සකච්ඡාවේ දී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා ප්‍රකාශ කළා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව හෙට (11) දිනයේ යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?