අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් රටින් පනින්න යද්දී මාට්ටු

සංවිධානාත්මක අපරාධ කලලින් නායකයෙක් වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ සැකකරු ව්‍යාජ හැඳුනුම්පතක් සහ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් විදේශගත වීමට උත්සාහ කිරීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ගුවන් තොටුපළේ සවිකර ඇති පුද්ගලයින් හඳුනාගැනීමේ පද්ධතිය මඟින් සැකකරු හඳුනාගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි වියේ පසුවන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලිසියට භාරදී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?