ළමා රෝහලේ වකුගඩු සිද්ධිය ගැන අධිකරණයෙන් පොලිසියට නියෝගයක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ දරුවකුගේ වකුගඩු ඉවත් කිරීමේ සිද්ධිය කින් පසුව එම දරුවා මරණයට පත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද බොරැල්ල පොලීසියට නියෝග කර තිබෙනවා.

මෙම මරණ පරීක්ෂණය අද කැඳවූ අවස්ථාවේ දී යි මහේස්ත්‍රාත්වරිය විසින් මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ.

අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ වාර්තාව තුලින් අදාළ දරුවා එක් වකුගඩුවක් සහිතව ඉපදී තිබෙන බව සඳහන් කර තිබුණා.

මෙම වාර්තාව පරස්පර තත්ත්වයකින් යුක්ත බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළේ අධිකරණ වෛද්‍ය වාර්තාව මත පමණක් පදනම්ව පරීක්ෂණ නොකරන ලෙසත් සියලූ වෛද්‍ය වාර්තා විමර්ශනයට ලක් කොට පුළුල් පරීක්ෂණයක් සිදු කළ ලෙසටයි.

ඉන් අනතුරුව මියගිය දරුවාගේ මව වන ෆාතිමා රිසානා අබ්දුල් කාදර් මහත්මිය සාක්ෂි දුන්නා.

“මිය ගිය මගේ දරුවා ඉපදුනේ 2020 වසරේ අගෝස්තු මස එකොළොස් වන දා. ඉපදිලා මාස 9 කින් පමණ පසුව දරුවාට වකුගඩු ප්‍රශ්නයක් ආවා. බඩේ පැත්තක් ඉදිමුණා. පසුගිය පෞද්ගලිකව රෝහලකට අරන් ගියා. එහිදී ලේ මුත්‍රා වගේම ස්කෑන් පරීක්ෂණ කළා. වම් වකුගඩුවේ ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. පස්සේ වෛද්‍යවරු විසින් දොස්තර රන්දුල රණවක මහතා වෙත අපිව යොමු කළා. එයා බොරැල්ල ළමා රෝහලේ සේවය කළා. නමුත් අපි එයාව මුණ ගැහුනේ පෞද්ගලික රෝහලකයි. පසුව එයා වෛද්‍ය මලික් සමරසිංහ වෙත අපිව යොමු කළා. එයා සියලු පරීක්ෂණ කරලා කිව්වා දරුවාගේ වකුගඩු හරියට වර්ධනය වෙලා නැහැ. ඒ නිසා වකුගඩුවක් අයින් කරන්න ඕන කිව්වා. පසුව රිජ්වේ ළමා රෝහලේ සායන වලට අපි දරුවව අරගෙන ගියා. පසුව ස්කෑන් පරීක්ෂණ ඇතුළු පරීක්ෂණ ගණනාවක් කළා.”යනුවෙන් මව සාක්ෂි දෙමින් කියා සිටියා.

වැඩිදුරටත් සාක්ෂි දුන් ඇය”සියලු පරීක්ෂණ වලින් අනතුරුව වෛද්‍යවරු කිව්වා දරුවාගේ වකුගඩුවක් අයින් කරන්න ඕන කියලා. මම ඇහුවා ඒම කළොත් ජීවිතයට හානියක් වෙයිද කියලා. එතකොට දොස්තර කිව්වා දරුවා මෙච්චරකල් හිටියෙ එක වකුගඩුවකින්. ඒකක් අයින් කළා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා කිව්වා. පස්සේ මම ඇහුවා වකුගඩුව අයින් කරන්නේ නැතිව ප්‍රතිකාර කරන්න පුළුවන්ද කියලා. එතකොට වෛද්‍යවරු කිව්වා වකුගඩුව අයින් කරන්නම ඕන කියලා. නැතිනම් දරුවා ලොකු වෙනකොට වෙන ලෙඩ බෝ වෙන්න පුළුවන් කියලත් කිව්වා. ඒ අනුව අපි දරුවාව සැත්කමකට භාජනය කරන්න තීරණය කළා.” යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියා.

වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකාරිය “ඒ අනුව දරුවාව 2022 වසරේ දෙසැම්බර් මස 22 වනදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළා. දෙසැම්බර් 24 වන ද සැත්කම කළා. සැත්කම සිදු කළේ වෛද්‍ය නවීන් විජේකෝන් කියලා දැනතගත්තා. සැත්කමෙන් පස්සේ දරුවාව අයි. සී. යූ එකට දැම්මා. උදේ දරුවා බලන්න මම අයි.සී.යූ එකට ගියා. එතකොට දරුවා ඉදිමිලා වගේ හිටියා. පස්සේ එතන හිටපු මිස් කෙනෙක්ගෙන් මම දරුවාට කොහොමද කියලා ඇහුවා. එයා කිව්වා මුත්‍රා පිටවෙන්නේ නැහැ කියලා. පස්සේ අපි වෛද්‍යවරුන්ට ඒ ගැන සඳහන් කළා. පස්සේ වෛද්‍ය නවීන් විජේකෝන්, වෛද්‍ය රන්දුල රණවක ව එතනට එක්ක ආවා. ඩයි පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ සියල්ල කළා. පස්සේ අම්මවයි තාත්තවයි හම්බ වෙන්න ඕන කිව්වා. අපි වෛද්‍යවරුන්ව මුණ ගැසුණා. එතනදි වෛද්‍යවරු අපිට කිව්වා වම්පස වකුගඩුව ඉවත් කිරීමේදී දකුණු වකුගඩුවත් ඉවත් වෙලා කියලා. මං ඇහුවා ඇයි එහෙම කලේ. අපි ඔයාලගේ වචනය විශ්වාස කරල නේද මේකට ආවෙ කියලා. දරුවා ජීවත් කරන්නේ කොහොමද කියලත් මම ඇහුවා. එතකොට වැරදීමක් වූ බව වෛද්‍යවරුන් පිළිගත්තා. විකල්ප තියනවා කිව්වා. වකුගඩුවක් බද්ධ කරන්න ඕන කියලා සඳහන් කළා. හිමෝ ඩයලයිසීස් හා පෙරිටෝමියල් ඩයලයිසිස් කරලා දරුවාව ජීවත් කරවන්න පුළුවන් කිව්වා. මාස තුනක කාලයකින් දරුවාට වකුගඩුවක් බද්ධ කරලා දෙනවා කියලා කිව්වා.”යනුවෙන් සඳහන් කළ සාක්ෂිකාරිය පසුව දරුවා නිවසට රැගෙන ගොස් වෛද්‍යවරු සඳහන් කළ ආකාරයට ප්‍රතිකාර ලබාදුන් බවත් කියා සිටියා.

වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකාරිය ” පසුගිය මැයි මස එකොළොස් වැනිදා දරුවාට උස්ම ගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. පසුව බොරැල්ල ළමා රෝහලට රැගෙන ගියා. එහි බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන්ගේ පරීක්ෂා කරලා කිව්වා දරුවාගේ පෙනහැලි වල වතුර පිරිලා තිබෙනවා කියලා. ඔක්සිජන් දුන්නා. පස්සේ අයි.සී.යූ එකේ දවස් 5ක් හිටියා. පසුව ගෙදර ගියා. මැයි මස 23 වනදා දරුවාට උණ සහ බඩේ අමාරුව ඇති වුණා. පසුව අපි දරුවාව රිජ්වේ ළමා රෝහලට අරන් ගියා. පසුව දරුවාව ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්නා. එහිදීත් දරුවාට විවිධ ප්‍රතිකාර දුන්නා. පසුව දරුවා ජුලි මස 27 වනදා මිය ගියා. මෙම ප්‍රතිකාර සඳහා ගිය අවස්ථාවේ සැත්කම සිදුකළ වෛද්‍ය නවීන් විජේකෝන් මට මුණගැහුනේ නැහැ. රෝහලේදී මම අම්මා කෙනෙකුගෙන් දැනගත්තා එයා රටින් පිට වෙලා කියලා. දරුවාට වකුගඩුවක් බද්ධ කරලා දෙනවා කියලා කිව්වා. ඒකත් එයා කළේ නැහැ.”යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කර සිටියා.

වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 09 වන දා තෙක් කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37
Video thumbnail
අල්ලලා විසික්කරන්න කළින් ඉල්ලා අස්වෙන්න - තිස්සකුට්ටි ජනපතිට අනතුරු අඟවයි
05:17
Video thumbnail
අපි බලය බෙදාගත්තොත් නැවත යුද්ධයක් ඇතිවෙන්නේ නෑ
08:32
Video thumbnail
ඉරාන් ඇත්තටම ආදරේ ජලනි ප්‍රේමදාසටද ? ක්‍රිකට්වලටද ?..අසාධාරණ ප්‍රශ්නයක් මේ
04:23
Video thumbnail
රට පුරා මහා ජන රැළි කරන්න දැන් කාලය හරි
06:12
Video thumbnail
ක්‍රිකට්වලට මිලියන 47කට වඩා ඉතා විශාල මුදලක් වියදම් කරලා තියෙනවා..වෝහාරික විගණනයක් කරනවා
03:34
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44