හොරෙන් ගෙන්වන ජංගම දුරකථන ගැන පියවරක් ගැනීමට යයි

රජයට බදු ආදායම අහිමි කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් පුද්ගලයන් යොදා ගනිමින් ජංගම දුරකථන මෙරටට රැගෙන ඒමේ සංවිධානාත්මක ජාවාරම සම්බන්ධයෙන් අමාත්‍ය මනූෂ නානායක්කාර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කර තිබෙනවා.

එම ජාවාරම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ.

ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය අමාත්‍ය මනූෂ නානායක්කාර දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු අදාළ කරුණු අදාළ අංශවලට පැහැදිලි කර තිබෙනවා.

රජයට අය විය යුතු බදු ආදායම අහිමි කරමින් පාර්සල් අදින්නන් හරහා (Hand Carriers) සංවිධානාත්මක ලෙස, ලියාපදිංචියකින් තොරව, ජංගම දුරකතන මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන්, ජංගම දුරකතන ආනයනකරුවන්ගේ එකමුතුව අමාත්‍යවරයාට කරුණු පැහැදිළි කළා.

එම තත්ත්වය අදාළ තොරතුරු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙතත් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙතත් යොමු කර ඉදිරි පියවර ගැනීමට කටයුතු කරනු ලැබු බවයි අමාත්‍ය මනුෂ නානායක්කාර කියාසිටියේ.

2021 සහ 2022 වසරවල දී මේ ආකාරයට ජංගම දුරකතන ආනයනය කිරීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් නීති විරෝධී ලෙස උණ්ඩියල් ක්‍රමය හරහා රටින් පිටව ගොස් ඇති බවට ජංගම දුරකතන ආනයනකරුවන්ගේ එකමුතුව තක්සේරු කර තිබෙනවා.

එමගින් රජයට අහිමිවී ඇති බදු ආදායම රුපියල් බිලියන 3.5ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

මේ ආකාරයට ලියාපදිංචියකින් තොරව ජංගම දුරකතන ආයනයනය කිරීම ජාතික ආරක්ෂාවට බලපාන අතර මෙම ජංගම දුරකථන සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලබාගැනීමට හැකියාවක් නොමැති බව ද ආනයනයකරුවන් පෙන්වා දෙනු ලැබුවා.

ඒ අනුව රටේ බදු ආදායමටත්, ජාතික ආරක්ෂාවටත් බලපාන, නීති විරෝධී ආකාරයට ජංගම දුරකතන ආනයනය කිරීම් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉදිරිපත්වූ ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් සම්බන්ධ කරගනිමින් ඉදිරි පියවර ගැනීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20