හොරණ අනතුරකින් පසුපැදිකරු මරුට

හොරණ – තල්ගහවිල ප්‍රධාන මාර්ගයේ මිදෙල්ලමුල්ලහේන ප්‍රදේශයේ දී අද (09) පෙරවරුවේ ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ පැදිකරු මියගොස් පසුපැදිකරු තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ ගල්පාත – ඉඳිලන්ද ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පෙදරේරු සහායකයෙකු වන හබරදුව ලියනගේ සුනිල් නමැති අයෙක්.

දොම්පේ ප්‍රදේශයේ සිට හොරණ ප්‍රදේශයේ කර්මාන්තශාලාවකට භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරිරථය හොරණ ප්‍රදේශයේ සිට තල්ගහවිල ප්‍රදේශයට ගමන් කරමින් තිබූ යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

සිද්ධියෙන් පසු තුවාල ලැබූ යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරු රෝහල්ගත කිරීමෙන් පසු පැදිකරු මිය ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?