හොරණ අනතුරකින් පසුපැදිකරු මරුට

හොරණ – තල්ගහවිල ප්‍රධාන මාර්ගයේ මිදෙල්ලමුල්ලහේන ප්‍රදේශයේ දී අද (09) පෙරවරුවේ ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ පැදිකරු මියගොස් පසුපැදිකරු තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ ගල්පාත – ඉඳිලන්ද ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පෙදරේරු සහායකයෙකු වන හබරදුව ලියනගේ සුනිල් නමැති අයෙක්.

දොම්පේ ප්‍රදේශයේ සිට හොරණ ප්‍රදේශයේ කර්මාන්තශාලාවකට භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරිරථය හොරණ ප්‍රදේශයේ සිට තල්ගහවිල ප්‍රදේශයට ගමන් කරමින් තිබූ යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

සිද්ධියෙන් පසු තුවාල ලැබූ යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරු රෝහල්ගත කිරීමෙන් පසු පැදිකරු මිය ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23