හේමසිරි සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුව ගැන නීතිපති කළ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදාළ ව නිසි ක්‍රියාමාර්ග නොගෙන වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව පවරා ඇති නඩු දෙක සම්බන්ධයෙන් වන විත්තියේ සාක්ෂි විභාගය පැවැත්වීම සඳහා වෙනත් විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කිරීම පිළිබඳව සලකා බලන ලෙසට නීතිපතිවරයා කරනු ලැබූ ඉල්ලීම කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (28) ප්‍රතික්ෂේප කළා.

සිය විනිසුරු මඩුල්ලට එවැනි ඉල්ලීමක් සිදු කිරීමට හෝ විත්තියේ සාක්ෂි විභාගයෙන් ඉවත්වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් අවශ්‍ය නම් නීතිපතිවරයාට එවැනි ඉල්ලීමක් අගවිනිසුරුවරියගෙන් සිදු කළ හැකි බව විනිසුරු මඩුල්ල එහිදී පෙන්වා දුන්නා.

ආචාර්ය නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉෂර්ඩීන් යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද දින කැඳවනු ලැබුවා.

විත්තිකරුවන්ව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට මීට පෙර ලබා දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිතකරමින් නැවත විභාගය පවත්වන ලෙසට ලබා දුන් තීන්දුව මගින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සමහර නිගමනයන් දෝෂ දර්ශනයට ලක් කර ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙන්වාදුන්නා.

මේ වන විට පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කර ඇති හෙයින් පැමිණිල්ලට නැවත ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ අවස්ථාව අහිමිව ඇති අතර ඒ අනුව තමන් එවැනි ඉල්ලීමක් කරන බවත් එය හුදෙක් ඉල්ලීමක් නොව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයෙන් කරනා ගෞරවනීය ආයාචනාවක් බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට පැවසුවා.

නීතිපතිවරයාට එවැනි ඉල්ලීමක් සිදුකිරීමට කිසිදු ප්‍රතිපාදනාවක් නොමැති බවට එම ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කළ විත්තිකාර පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ශ්‍රේෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42