හෙට දිනයේ උණුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්

වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (15) දිනයේ දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අවවාදාත්තමක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබෙනවා.