හීනටියන මහේෂ්ගේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ගෝලයා අල්ලයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන හීනටියන මහේෂ්ගේ සමීපතම පුද්ගලයා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (19) දින මිනුවන්ගොඩ පොලිස් වසමේ ඇඹිල්ලවල පාර – පීල්ලවත්ත, මිනුවන්ගොඩ දීයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහි දී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 600ක්, මන්නා පිහියක් සමග යතුරුපැදියකින් ගමන් ගත් මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන හීනටියන මහේෂ් යන අය සමග සමීප සම්බන්ධතා පවත්වන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් මිනුවන්ගොඩ පොලිසිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17