AFC Banner
AFC Banner
Empty Ad

හින්දු භක්තිකයින් කැනඩාවේ දී සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පාරට බසියි

කැනඩාවේ ජීවත් වන හින්දු ප්‍රජාව බංග්ලාදේශයට එරෙහිව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම විරෝධතාවට ජාත්‍යන්තර හින්දු සංගමයේ (ISKCON) ද සහාය ලැබී ඇති බවයි.

මෙම විරෝධතාව කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ දී පැවැත්වුණා.

මෙකී විරෝධතාවට එක් වූ බොහොමයක් පිරිස උපතින් ම හින්දු ආගම අදහන බංග්ලාදේශ වැසියන් බවත් වාර්තා වනවා.

ඔවුන් වත්මන් බංග්ලාදේශයේ අන්තර්වාර රජයට චෝදනා කරන්නේ වහාම සුළු ජාතීන්ගේ අයිතීන්ට ගරු කරමින් කටයුතු කරන ලෙසටයි.

සාමය සහ සහෝදරත්වය. අපට සාමය අවශ්‍යයි. අපට යුක්තිය අවශ්‍යයි. අපට අවශ්‍ය වන්නේ බංග්ලාදේශයේ සුළුතර හින්දු සහ අනෙකුත් සුළුතර ප්‍රජාවන්ට එරෙහිව පවතින ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට..” යනුවෙන් විරෝධතාකරුවන් සිය උද්ඝෝෂණය ගෙන ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?