හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට අවසන් ගෞරව දක්වන්න හිටපු ජනපති මෛත්‍රීත් පැමිණෙයි

බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණ තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා අද (19) දහවල් පැමිණ හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

මේ අතර හිටපු කතානායක කරූ ජයසූරිය, හිටපු පොලිස්පතිවරයෙක් වන දේශබන්දු තෙන්නකෝන් ද පැමිණ හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්නගේ දේහයට අවසන් ගෞරව පුදකළා.

එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද දේහයට අවසන් ගෞරව දැක්වීමට අද පෙරවරුවේ දේහය තැන්පත් කර ඇති බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාව වෙත පැමිණියා.

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු ඒ මහතා පසුගිය 17 වෙනිදා උදෑසන සිය නිවසේදී වෙඩි වැදී මියගොස් තිබුණා.

ඔහුගේ මරණය සියදිවි හානී කරගැනීමක් බවට සැකකෙරෙන අතර සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් ඔහු වෙඩි තබාගෙන ඇති බවට පොලිසිය සැක පල කරන්නේ.

සී.ඩී.වික්‍රමරත්න හිටපු පොලිස්පතිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව හෙට (20) දිනයේදී සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57