හැමිල්ටන් ඇළ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුමක්

සොබා දහම කේන්ද්‍ර කරගත් සහ ඓතිහාසික උරුම හුවා දක්වන සංචාරක ගමනාන්ත සංවර්ධන වැඩසටහනක් වශයෙන් බස්නාහිර පළාතේ වෙරළ හා මුහුද ආශ්‍රිත හැමිල්ටන් ඇළ, මීගමු කලපුව ඇතුළු ජලාශ්‍රිත පරිසරය සඳහා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ යටතේ, බස්නාහිර පළාත් සභාව විසින් කින් (ග්) ස් අයිලන්ඩ් ජැටියේ (මීගමුව කලපුව) සිට මා ඔය මෝය කට දක්වා හැමිල්ටන් ඇළ සංවර්ධනය කර සංචාරක කර්මාන්තයට යොදා ගැනීම අරමුණු කරගෙන ව්‍යාපෘති වාර්තාවක් සකස් කර ඇති බව සඳහන්.

ඒ අනුව, හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, රුපියල් මිලියන 700 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් උපයෝජනය කරමින් ක්‍රියාත්මක කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.