හරීන් සහ මනූෂගේ පෙත්සම් විභාගයේ තීන්දුව දින නියමයක් නොමැතිව කල් තැබේ

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීති විරෝධී බවත් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව අද (22) දින කල් තැබුවා.

විජිත් මලල්ගොඩ, අචල වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

අද නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේදී මනූෂ නානායක්කාර අමාත්‍යවරයා වෙනුවෙන් නැවත කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව සාමාජිකත්වය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය එහි කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත පැවරීතිබෙන බව අවධාරණය කළා.

විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයා වෙත පැවරීනොමැති බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව, සේවාදායකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කර සිටියා.

එසේම තම සේවා දායකයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පැවැති බවට අධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට වගඋත්තරකරුවන් අසමත් වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

සිය සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට පෙර සාධාරණ විභාගයක් ලබා දීමට සමගි ජන බලවේගයේ විනය කමිටුව අපොහොසත් වී ඇති බවත් ඒ තුළින් වග උත්තරකරුවන් ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් තර්ක කර සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ අතර මෙම එහි තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල්තැබූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06