හරිණි දුව ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිහින් අතුරුදන් වූ බව කියන පුද්ගලයා ගැන සැකයක්

පසුගිය (25) වනදා බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සඳහා බහු දින ධීවර යාත්‍රාවකින් මුහුදට ගොස් සිටියදී එදිනම රාත්‍රීයේ එම යාත්‍රාවේ සිටි බලපිටිය, අම්පෙ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මුහුදට වැටී අතුරුදහන් වී ඇති බව එම ධීවර යාත්‍රාවේ ක්‍රියාකරු විසින් ධීවරයාත්‍රා හිමිකරුට පවසා තිබුණා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ, 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර රාත්‍රී නමයට පමණ මෙම සිදුවීම සිදුව තිබෙනවා.

එසේ ධීවර කටයුතු සඳහා ගමන් ගත් ධීවරයාත්‍රාව ඊයේ (27) සවස බේරුවල ධීවර වරායට නැවත පැමිණීම සිදු කරන තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීම සඳහා බේරුවල පොලිසිය විශේෂ පොලිස් කණ්‌ඩායමක් යොදවා එම ධීවරයින් එම ධීවරයාත්‍රාවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් කටයුතු සිදු කරන තිබෙනවා.

මීට අමතරව කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද එම ධීවරයාත්‍රාව විශේෂ පරීක්ෂාවට ලක් කිරීම සිදුකර ඇති අතර මේ වන විටත් මුහුදට වැටී අතුරුදහන් වූ කියන පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන නොමැත.

එසේ මුහුදට වැටී අතුරුදහන් වූ පුද්ගලයාගේ බිරිඳ ප්‍රකාශ කරන්නේ, දරුවන් දෙදෙනෙකු සිටින ඇයගේ ස්වාමියා අතුරුදහන් වීම දරා ගත නොහැකි බවත් මෙම මරණය සම්බන්ධයෙන් ඇයට සැක කටයුත්තක් පවතින බවත්ය.

බේරුවල පොලිසිය එම ධීවරයාත්‍රාවේ සිටී ඉතිරි හය දෙනාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන අතර මෙම මරණය කෙසේ සිදුවුයේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව බේරුවල පොලිසිය සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමිව එලවලා කියලා බොරු කියලා - සිවිල් සංවිධාන හදිසියේම මිහින්තලේ හිමි බැහැ දකින්න එයි
15:24
Video thumbnail
ඇමැතිලා ඩබල කරපු ඇස් බැන්දුම මෙන්න.."මන් බින්දොත් මුට්ටියක් ගේන්න සල්ලි දෙන්න වෙනවනේ"
02:22
Video thumbnail
විමල් කුපිත වී හොඳ පදෙන්ම දෙසයි - අඟුරු කුමාරයාගේ නායකයා කැසිනෝ ධම්මික
07:38
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47
Video thumbnail
වංචාවේ අගමුල හොයන්න ඕනි නම් විගණකාධිපති වාර්තාව නීතිපතිවරයට යොමු කරන්න
04:26
Video thumbnail
රාජිත හිනාවෙවී ආණ්ඩුව කිව්ව කියමන..වහලා තියෙන ලාල්කාන්තගේ ගෙදරට STF එකත් දාලනේ
02:45
Video thumbnail
කොහොමද ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:09
Video thumbnail
කොහොමද දිවයිනට ආ ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:33
Video thumbnail
ඉතිහාසයේ වෙච්ච වැරදි කියන එක සාධාරණ නෑ - මේක ලංකාවේ වෙච්ච විශාලම හොරකම..
04:30
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි
01:24