වයස අවුරුදු 07ක වන බාල වයසකාර ගැහැණු දරුවෙකු ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන තවත් බාල වයස්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව දන්කොටුව පොලීසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දන්කොටුව – දුම්මලකොටුව ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙක් බවයි වාර්තා වන්නේ.
අපයෝජනයට ලක්ව ඇති දැරිය දන්කොටුව – ඇටියාවල ප්‍රදේශයේ උළු මෝලක කම්කරු නිවාසයක පදිංචිව සිට ඇති බවට තොරතුරු වාර්තා වනවා.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
දන්කොටුව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
13
+1
13
+1
6
+1
16
+1
6
+1
3