සියලුම මුස්ලිම් පාසල් ජුනි 06 සහ 09 නිවාඩු

හජ් උත්සවය ජුනි මස 07 සෙනසුරාදා දිනට යෙදී තිබීම හේතුවෙන් ජුනි 06 සිකුරාදා සහ ජුනි 09 සඳුදා දින සියලුම මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම නිවාඩුව වෙනුවෙන් ලබන සඳුදා (26) සහ අඟහරුවාදා (27) දිනයන්වල දී එම පාසල් පැවැත්විය යුතු බවයි එම අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.

මේ අතර 2025 පාසල් වර්ෂයේ මුස්ලිම් පාසල් සඳහා දෙවන වාරය 2025.05.26 දින ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?