හඟුරන්කෙත පොලිසිය ඉදිරිපිට යුද්ධයක් – පොලිසියෙන් අහසට වෙඩි

පුද්ගලයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් 200 පමණ පිරිසක් ඊයේ (26) රාත්‍රියේ හඟුරන්කෙත පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ කලහාකාරී ලෙස හැසිරී තිබෙනවා.

මෙම පිරිස ගල් ප්‍රහාරයක් ද පොලිස් ස්ථානය වෙත එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙලෙස පැමිණි අයගෙන් වැඩි පිරිසක් මත්පැන් පානය කර ඇති බවට නිරීක්ෂණ වූ බව පවසන පොලිසිය, ඔවුන් විසින් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් පොලිස් ස්ථානයේ ගේට්ටුව පෙරළා ඊට ඇතුළු වීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී පිරිස පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් විසින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බව පොලිස් මධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

මෙලෙස කලහකාරී ලෙස හැසිරුණු පිරිස් හඳුනාගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කර සිටියා.

හඟුරන්කෙත, දියතිලකපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහර දී බරපතළ තත්ත්වයෙන් මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 25 වනදා මියගොස් තිබෙනවා.

මෙම සිද්ධිය සම්බධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

තවත් සැකකරුවන් 08 දෙනෙකු මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පැවසූ පොලිසිය ප්‍රදේශයෙන් පළාගොස් සිටින ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවයි වාර්තා වුණේ.

එලෙස විමර්ශන සිදුකරමින් සිටින අතර තුරයි ඊයේ (26) රාත්‍රියේ පිරිසක් පැමිණ ඔවුන්ව අත්අඩංගුවට නොගැනීම සම්බධයෙන් හඟුරන්කෙත පොලිස් ස්ථානය ඉදිරිපිට මෙලෙස කලහාකාරී ලෙස හැසිරී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
2
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34