සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමව සිටින සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුණා.
කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී මෙම හමුව සිදුව තිබෙනවා.
අනෝජන්ගේ දෙමාපියන් සමඟ පැවැති සාකච්ඡාව අතරතුර සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන අමීර් අජ්වාඩ් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් විපක්ෂනායකවරයා, අනෝජන්ගේ නිදහස සම්බන්ධයෙන් රටක් ලෙස ගතහැකි ඉදිරි පියවර පිළිබඳ කරුණු විමසා ඇති බව සඳහන්.
එමෙන්ම සෞදි බන්ධනාගාරයේ සිටින අනෝජන් ද දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් ඔහුගේ තත්ත්වය සොයා බැලූ විපක්ෂනායකවරයා, ඉන් අනතුරුව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සම්බන්ධ කරගනිමින් අදාළ නීතිමය තත්ත්වය සහ අනෝජන් නිදහස් කරගැනීම සඳහා රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සොයා බලා තිබෙනවා.













