සුවිශේෂී ව්‍යාපෘති කිහිපයකට කැබිනට් අනුමැතිය

වැදගත් ව්‍යාපෘති 6ක් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අනාවරණය කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී සුවිශේෂී ව්‍යාපෘති කිහිපයකට අනුමැතිය හිමි වූ බවයි.

  1. මෙරට වෙළඳපොල තුල ඉන්ධන අලෙවියට සිනොපෙක්, යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ RM පාර්ක්ස් සමග ශෙල් සමාගම්වලට (Sinopec, United Petroleum, RM Parks-Shell) අවශ්‍ය බලපත්‍ර සහ දැනට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන බෙදා හරින පිරවුම්හල් 150 බැගින් එම සමාගම්වලට ලබා දීමට අනුමැතිය
  2. දෙහිවල ප්‍රදේශයේ විදුලි සම්බන්ධතා වෙනුවෙන් ස්මාර්ට් මීටර් (Smart Metering) සවි කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
  3. සාම්පුර් ප්‍රදේශයේ මෙගා වොට් 135 සුර්ය බලයෙන් විදුලි උත්පාදන බලශක්ති උද්‍යානයේ මූලික අදියර ආරම්භ කිරීම
  4. ජල විදුලිය උත්පාදනයට ජලය නැවත පොම්ප කර ගබඩා කිරීමේ (Pump Storage) ව්‍යපෘතිය වෙනුවෙන් අධ්‍යන කටයුතු ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය සහය තුල සිදු කිරීම
  5. පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති සංවර්ධනය කිරීමට ඉන්දියානු රජය සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
  6. කැළණිතිස්ස බලාගාරයේ ගෑස් ටර්බයින සවි කර ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) මගින් විදුලි උත්පාදනය
Kanchana Wijesekara Twitter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?