සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත සංගණනය පිළිබඳ ප්‍රගති සමාලෝචනයක්

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත සංගණන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

රටේ වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ පීඩාවට පත් වූ හා අඩු ආදායම්ලාභීන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහන කඩිනමින් සලසා දීම මෙහි අරමුණයි.

සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිදභාවයෙන් යුක්තව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනාගැනීම හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලේඛනයක් නිර්මාණය කිරීම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රමුඛ කාර්යය වී තිබෙනවා.

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි මෙම දත්ත සංගණනය සිදු කෙරෙන අතර දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක සංගණන කටයුතු අවසන් කර ඇති බවයි මෙම සාකච්ඡාවේ දී අනාවරණය වුයේ.

එළඹෙන අඟහරුවාදා පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සම්මේලනයේදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව ද ප්‍රකාශ කෙරුණා.

සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහාය හිමිව ඇති අතර අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම ද සිදු කෙරෙනවා.

නිරතුරුවම ලෝක බැංකු නියෝජිතයන් සමඟ සම්බන්ධ වෙමින් මෙම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසටයි සාගල රත්නායක මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51