spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුඩානයේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ අවධානය

සුඩාන ජනරජයේ මෑත කාලීන සිදුවීම් ශ්‍රී ලංකාව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

කයිරෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුඩානයේ වර්ධනය වන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

තානාපති කාර්යාලය විසින් කාර්ටූම් සහ එහි තදාසන්න ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන අතර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද ඔවුන්ට උපදෙස් දී තිබෙනවා.

ඕනෑම සහයක් සඳහා තානාපති කාර්යාලයට විද්‍යුත් තැපෑලෙන් [email protected], සහ +201272813000 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වන ලෙසටයි දැනුම් දෙන්නේ.

එමෙන්ම Khartoum හි ශ්‍රී ලංකා කොන්සල් සෙයිද් අබ්දෙල් මහතා +249912394035 යන දුරකථන අංකය හරහා සම්බන්ධ විය හැකි බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?