කළුතර – කොළඹ ප්රධාන මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයකට පුද්ගලයින් පිරිසක් විසින් නාගස් හන්දිය ප්රදේශයේදී පහරදීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා වුණා.
යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් බස් රථය හරස්කර රියදුරුට සහ කොන්දස්තරවරයාට පහරදුන් බවයි වාර්තා වුණේ.
සිද්ධිය් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ කළුතර උතුර පොලීසිය සැකකරුවන් හය දෙනෙකු මේ වන විට අතදන්ගුව්ටා ගෙන තිබෙනවා.
එම සැකකරුවන් පිරිස පහරදීම සඳහා පැමිණි යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.
සැකකරුවන් කළුතර මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.










