spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිසුවෙකුට පහරදුන් ගුරුවරු 3ක් අත්අඩංගුවට

මහඔය, කැකිරිහේන ප්‍රදේශයේදී 19 හැවිරිදි සිසුවෙකුට පහරදුන් බව කියන පාසල් ගුරුවරුන් තිදෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරදීමට ලක් වූ සිසුවා රෝහල්ගත කර ඇති අතර ඔහුගේ මව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මහඔය පොලිසිය විසින් සිදු කළ විමර්ශනවලදී එම සිසුවාගේ පාසලේ ගුරුවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ගුරුවරුන් වයස අවුරුදු 34, 37 සහ 43 වයස්වල පසුවන මහඔය පදියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් අද දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?