සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගැනීමට ගත් උත්සාහයක් පොලිසිය වළකයි

මිරිහාන මූලස්ථාන පොලිසිය තුළදී සිරුරට ගිනි තබාගෙන සිය බිරිඳව බදාගෙන දිවි නසා ගැනීමට පුද්ගලයෙකු කළ උත්සාහයක් පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා වළක්වාගෙන තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පුද්ගලයා විසින් බිරිඳට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ දී මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.

මිරිහාන මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය තුළ දී සැකකරු එකවරම ලයිටරයක් දල්වා ඔහුගේ සිරුරට ගිනි ඇවිලීමට සලස්වා ඒ අසල සිටි ඔහුගේ බිරිඳ බදා ගැනීමට උත්සාහ ගැනීමත් සමගම එම කාන්තාව ප්‍රධාන දොරටුවෙන් පිටතට දිව ගොස් දිවි බේරා ගෙන තිබූ බව සඳහන්.

ඒ සමගම එහි සිටි පොලිස් නිලධාරීන් එම කාන්තාව පසුපස හඹා යමින් සිටි එම පුද්ගලයා අල්ලාගෙන ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

සැකකරු එම අවස්ථාවේ හැඳ සිටි කලිසමෙන් සහ ටී ෂර්ට් එකෙන් පෙට්‍රල් ගඳ වහනය වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

බිරිඳට ඇසිඩ් ගැසීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මහාධිකරණ නඩු තුනක් විභාග වෙන බව ද අනාවරණ වී තිබෙනවා.

ඔහු නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක අයෙක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15