සාමනේර හිමි අපයෝජනය කළ විහාරාධිපති ඇතුලු ස්වාමීන් වහන්සේලා රිමාන්ඩ්

බාල වයස්කාර සාමනේර හිමිනමකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පයාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකාර ස්වාමීන් වහන්සේලා තුන්දෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයයයි නියෝගය ලබා දුන්නේ.

මෙම සාමණේර හිමි නම ලිංගික අපයෝජනයට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත මුලින් ඉදිරිපත් කර තිබූ අතර එහිදී වාර්තා වූයේ එම ස්වාමීන් කිසිදු ලිංගික අතවරයකට ලක්ව නොමැති බවටයි.,

පසුව ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයේ මැදිහත්වීම මත එම සාමණේර භික්ෂුන් වහන්සේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනාවරණ වී ඇත්තේ උන් වහන්සේ අවස්ථා කිහිපයකදී ම ලිංගික අතවරයට ලක්ව ඇති බවටයි.

ඒ අනුව මෙම සාමනේර හිමියන්ට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
5
+1
3
+1
2
+1
2
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?