සහකාර පොලිස් අධිකාරී ධුර උසස් වීම් නොලද නිලධාරීන්ගේ පෙත්සම් විභාගයට අවසර

2021 වසරේ සහකාර පොලිස් අධිකාරි ධුර සඳහා උසස්වීම් පිරිනැමීමේ දී තමන්ට එම උසස් වීම් නොලැබීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) අවසර ලබා දුන්නා.

අදාළ පෙත්සම් සලකා බැලීමෙන් පසුව ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා

ඒ අනුව මෙම පෙත්සම් වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ඊයේ දින සිට සති හයක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසම ඇතුළු පිරිසකට අධිකරණය විසින් නියෝග කළා.

එම විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් එතැන් පටන් සති හතරක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් ජූලි මස 10 සහ 11 යන දිනවල විභාගයට ගන්නා බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සහකාර පොලිස් අධිකාරි ධුර 230ක් පමණ මේ වන විට පුරපාඩුව පවතින බවත් අධිකරණය විසින් දෙනු ලබන නියෝග මත කටයුතු කිරීමට වගඋත්තරකරුවන් පියවර ගන්නා බවත් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝග ප්‍රකාශයට පත්කළා.

ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාවලට අදාළ සුදුසුකම් සපුරා තිබියදීත් තමන්ව සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පොලිස් පරීක්ෂකවරු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48