AFC Banner
AFC Banner
Empty Ad

සතියකට පසු බැතිමතුන්ට විවර වුණු සෝමාවතිය

පසුගිය දින කිහිපයේ දී ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් ඇති වූ ජල ගැලීම් හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෝමාවතී පුදබිම ද ගංවතුරට යට වී තිබුණා.

නමුත් මේ වනවිට (04) අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ජලය සම්පූර්ණයෙන් ම බැස ගොස් අවසන් බැවින් පුදබිම යළිත් මහජනතාව වෙනුවෙන් විවෘත කර ඇති බවයි.

සෝමාවතී පුදබිමට පැමිණෙන මාර්ගය ද අද දිනයේ දී යළි විවෘත කෙරුණා.

අද උදෑසන ආගමික වතාවත් සිදු කරමින් සෝමාවතිය පුදබිම වන්දනා කිරීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

ආගමික වතාවත් සඳහා මල්වතු මහා විහාරයේ ප්‍රධාන ලේඛකාධිකාරී ඓතිහාසික සෝමාවතිය පුදබිමෙහි විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේ වන පූජ්‍ය පහමුනේ සුමංගල නායක හිමිපාණන් වහන්සේ වැඩම කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?