පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කරුණු දැක්වීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (09) ආරම්භ කෙරුණා.
ඒ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහි දී අදාළ පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න, එම සංශෝධන ඇතුළත් ලේඛනයක් ද අධිකරණයට ඉදිරිපත් කළා.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් පෙත්සම් 26ක් ඉදිරිපත් කර තිබෙනවා.
