ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන ශිරාන් බාසික්ගේ පියාවන මොහොමඩ් අබ්දුල් රාසික් බාසික් නැමැත්තා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පහ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සුඛෝපභෝගී නිවසක් මිලදි ගැනිමට අදාළව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ, එම කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (11) දිනයේ පැමිණි අවස්ථාවේදීයි.













