ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක්

අග විනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරු පත් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක් ගොනුකර තිබෙනවා.

පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ආචාර්ය මහීම් මෙන්ඩිස් යන අය විසිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.

නීතිඥ එස්. සම්පත් විජේවර්ධන මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කළ නිර්දේශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහි ව නීතිඥවරයෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ බවයි.

එම පෙත්සම විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය; අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශය කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත ඉකුත් අප්‍රේල් මස 30 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බවත් පෙත්සම්වල සඳහන් වෙනවා.

මෙම අතුරු තහනම් නියෝගය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විධායකයේ බලතලවලට මැදිහත් වී තිබෙන බව සඳහන් කරමින් ඇතැම් පුද්ගලයින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී විවිධ ප්‍රකාශ සිදුකර ඇති බවත් ඒ තුළින් ඉහළ සහ පහළ අධිකරණවල විනිසුරුවරුන් විවේචනයට ලක් කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන්ම අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරු විසින් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශ තුළින් පහළ අධිකරණවල විනිසුරුවරුන් සහ අධිකරණ සේවා කොමිසමේ කටයුතු දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බවත් පෙත්සමේ කියා තිබෙනවා.

මේ හරහා ඇතැම් පුද්ගලයින් අධිකරණයට පවතින ගෞරවය හෑල්ලු කිරීමට කටයුතු කර ඇති බවත් මෙවැනි ප්‍රකාශ හේතුවෙන් අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය වීමේ තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව තමන්ට මෙම පෙත්සම් විභාගයට මැදිහත්වීමට අවසර දෙන ලෙසත් මේ වන විට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝග වෙනස් කිරීමට හෝ ඉවත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30