Empty Ad
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (06) යි.

දෙරට අතර තරගය ඊයේ (05) Gqeberha ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට හිමිකර දෙමින්.

ඒ අනුව නායක ටෙම්බා බවුමා පළමු ව පිතිකරණය තෝරා ගත්තා.

දකුණු අප්‍රිකාවේ මුල් කඩුලු ත්‍රිත්ත්වය ම ලකුණු 50කට අඩුවෙන් දැවී ගිය ද, නායක බවුමා සමග එක් වූ රික්ල්ටන් ලකුණු 133ක විශිෂ්ට සබඳතාවක් සිව්වැනි කඩුල්ලට ගොඩනැගුවා.

අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් හමුවේ බවුමා දැවී යද්දී ඔහු ලකුණු 78ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් මංගල ශතකය වාර්තා කරන්නට Ryan Rickelton සමත් වූ අතර ඔහු ලකුණු 101ක් තුළ දවාගත්තේ ළහිරු කුමාර විසින්.

ඊයේ දිනය නිමා වනවිට දකුණු අප්‍රිකාව කඩුලු 07ක් බිඳ වැටී ලකුණු 269ක් ලබා සිටියා.

8 වැනි කඩුල්ලට පිටියේ රැඳී සිටින්නේ නොදැවී ලකුණු 48ක් සමග Kyle Verreynne.

කඩුලු බිඳ දැමීමේ දී ළහිරු කුමාර කඩුලු 03ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් සහ විශ්ව ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
03:01:01
Video thumbnail
බටලන්ද දැන් යන්නේ වෙනම පැත්තකට - ඉස්සරහට වෙන දේවල් හිතාගන්න බෑ
12:45
Video thumbnail
දැන් අපි හොඳටම බයවෙලා ඉන්නේ ආරක්ෂාව දුන්නොත් දැනුත් මම ගන්නවා
12:05
Video thumbnail
සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව මෙන්න
11:34
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පා.ම ප්‍රසාද් සිරිවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:28:39
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩු බලය අල්ලන්න හදන හැටි - සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක සියල්ල හෙළි කරයි
10:48
Video thumbnail
ප්‍රසාද් සිරිවර්ධන මුල මතක් කරපු හැටි
04:24
Video thumbnail
වෘත්තීය සමිති නලින්දට අභියෝග කරයි - අපි ලෑස්තියි ඔයත් එක්ක හැප්පෙන්න
23:34
Video thumbnail
ජීවතුන් අතරේ ඉද්දී මරණ සහතිකේ දුන්න 88/89 ඇඟ හිරිවැටෙන කතාව
21:33
Video thumbnail
වර්ජනය කරපු අයට නලින්ද රතු එළි දල්වයි
17:09

?