Fly high Get bonus Aviator Phone

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම වෙනස්කම් යටතේ දේශීය පුහුණුකරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, අනුව වේගපන්දු පුහුණුකරු, දඟපන්දු පුහුණුකරු, පන්දු රැකීමේ පුහුණුකරු යන තනතුරු කිහිපයක් ඉදිරියේ දී වෙනස් කිරීමට සූදානම් බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ක්‍රිස් සිල්වර්වුඩ්, ඔහුගේ ගිවිසුම්ගත කොන්ත්‍රාත් කාලය අවසන් වනතෙක් රඳවා තබාගැනීමට ද අවදානය යොමුව තිබෙනවා.

සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත් කාලය එළෙඹෙන අප්‍රේල් මාසයෙන් අවසන්වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන උපදේශකයකු ලෙස පත් කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට, ක්‍රීඩක දක්ෂතා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩක සංවර්ධනයේ වගකීම් ද පවරා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
39
+1
3
+1
25
+1
6
+1
2
+1
7
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?