AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ, නෝර්වේජියානු තානාපති කාර්යාලය අද සිට වැසේ

කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය අද (31) දිනයේ සිට වසාදමන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ නෝර්වේ රාජ්‍යයේ ද්විපාර්ශ්වික සබඳතාවයේ වගකීම හෙට (01) දිනයේ සිට ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලයට පැවරෙන බවයි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි නෝර්වේජියානු තානාපති කාර්යාලය මීට පෙර නිවේදනය කළේ.

ඒ, අනුව බ්‍රැටිස්ලාවා (ස්ලෝවැකියාව), කොළඹ (ශ්‍රී ලංකාව) සහ ප්‍රිස්ටිනා (කොසෝවෝ) හි පිහිටි තානාපති කාර්යාල, මැඩගස්කරයේ ඇන්ටනානාරිවෝ තානාපති කාර්යාලය සහ හූස්ටන් (ඇමරිකා එක්සත් ජනපදය) කොන්සල් ජනරාල් කාර්යාලය වසාදමන බව නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?