ශ්‍රී පාද මළුවේ නායයෑමක් සිදු වී ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළවන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පවසනවා.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් කියා සිටියේ සෑම වසරකම අධික වර්ෂාව පවතින කාලයේ ශ්‍රීපාද මළුවට පහළින් පර්වතයේ වැවී ඇති ශාක වර්ග වර්ෂාවත් සමඟ පහළට කඩා වැටෙන බවයි.
එය ස්වාභාවික සිද්ධියක් බවත්, මෙම සිද්ධිය සිදු වී ඇත්තේ රත්නපුර මාර්ගයේ බවත්, ඉන් ශ්‍රීපාද මළුවට හෝ ශ්‍රී පාදස්ථානයට කිසිදු බලපෑමක් සිදු වී නොමැති බවයි උන් වහන්සේ පැවසුවේ.
මේ අතර හැටන් සහ රත්නපුර මාර්ගය සම්බන්ධවන ඉදිකටු පහන මාර්ගයට එවැනි ශාක සහිත පස් කණ්ඩියක් ඊයේ (29) දින පහළට වැටී ඇති බවත්, එසේ වැටුණු පස් ඉවත් කිරිමට පියවර ගෙන ඇති බවත් හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සඳහන් කළා.





