spot_imgspot_img
spot_img

ශර්මාගේ ලෝක කුසලාන පිටියේ වාර්තාව රාහුල් එක් පන්දුවකින් උදුරාගනී

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ඉන්දීය ක්‍රීඩකයෙක් රැස්කළ වේගවත්ම ශතකය වාර්තා කරන්නට ඉන්දීය මැදපෙළ පිතිකරු ලෝකේශ් රාහුල්ට අද (12) හැකියාව ලැබුණා.

නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ දී රාහුල් මෙම දස්කම දැක්වීම සමත් වූ අතර, ඔහු ශතකය රැස් කිරීම සඳහා වැයකළ පන්දු සංඛ්‍යාව 62ක්.

හතරේ පහර 11ක් සහ හයේ පහර 04ක් සමඟින් රාහුල් අද රැස්කළ ලකුණු සංඛ්‍යාව 102ක්.

ඉන්දීය නායක රෝහිත් ශර්මා මීට පෙර ඉන්දියාව වෙනුවෙන් වේගවත්ම ලෝක කුසලාන ශතකයට හිමිකම් කී අතර ඔහු ඒ සඳහා පන්දු 63ක් වැයකර තිබුණා.

ඇෆ්ගනිස්තානයට එරෙහිව ෂර්මා මෙම දස්කම දක්වා තිබුණේ දිල්ලි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ මේ දක්වා තරඟ 09 කදී ලෝකේශ් රාහුල් ලකුණු 347ක් රැස්කරගෙන ඇත්තේ 69.40ක සාමාන්‍යයක් සහ 93ට වැඩි ප්‍රහාරක වේගයක් සමඟින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?