වෙඩි වැදී මියගොස් සිටි තරුණයාගේ මරණය ගැන තොරතුරු හෙළිවෙයි

ඕමන්ත පාලමොටේ ප්‍රදේශයේ වෙඩි වැදීමකින් මියගොස් සිටි තරුණයාගේ මරණයට සිය දිවි නසා ගැනීමක් බවට අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ අලුයම හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලැබුණු තොරතුරකට අනුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණු බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඕමන්ත වෙප්පන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක්.

ඔහු මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් ගෙළ ප්‍රදේශයට වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවටයි විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ.

එම ස්ථානයේ තිබී අදාළ ගිනි අවිය ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදී ඇති අතර ඕමන්ත පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03