Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වෘත්තීය සමිති ව්‍යාපාරය හැටියට අපි රාජ්‍ය ආයතන හෙට දවසේ දුවවනවා – ඇමති වසන්ත

වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස හෙට (30) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගන යන බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, හෙට දිනයේ කිසිඳු රාජ්‍ය ආයතනයක විරෝධතාවයක් හෝ උද්ඝෝෂණයක් නොමැති බැවින් පාසල්, රෝහල් ඇතුළු සියලු රාජ්‍ය ආයතවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආමාත්‍යවරයා සඳහන් කළේ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය මෙරට විශාලතම වෘත්තිය සමිති මධ්‍යස්ථානය බවත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයයේ විශාලතම වෘත්තීය සමිති පවතින්නේ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සතුව බවයි.

ඒ, අනුව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන කිසිදු රාජ්‍ය සේවකයෙක් හෙට (30) දිනයේ අසනීප නිවාඩු වාර්තාකර වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“හෙට පාසල්වල විභාග තියෙනවා, රෝහල්වල මිනිස්සු බෙහෙත් ගනියි. රටේ ජනතාවට බොරු බියවැද්දීම්වලින් පාඩුවක් කරන්න හදනවා නම් අපි ඒකට ඉඩදෙන්නේ නැහැ. වෘත්තීය සමිති ව්‍යාපාරය හැටියට අපි රාජ්‍ය ආයතන හෙට දවසේ දුවවනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්