විශ්ව සාම සම්මේලනයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක(ඡායාරූප)

විශ්ව සාම සම්මේලනයේ (Universal Peace Federation) නියෝජිතයින් පිරිසක් සිව් දින සංචාරයක් සදහා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියා.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුවයි.

විශ්ව සාම සම්මේලනය යනු ආගම්,රාජ්‍යයන්, සිවිල් සමාජය සහ පෞද්ගලික අංශය ආදී විවිධ පාර්ශවවලින් සැදුම් ලත් ජාත්‍යන්තර ජාලයක්.

ලෝක සාමය සාක්ෂාත් කර ගැනීම මෙම සංවිධානයේ මූලික අරමුණ වන අතර එහි ආසන්න සමුළුව ඉකුත් මාසයේ දකුණු කොරියාවේ සෝල් අගනුවරදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වුණේ මෛත්‍රීපාල සිරිසේන මහතායි.

දිවයිනට පැමිණි පිරිස අතර විශ්ව සාම සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය යුන් යොන්ග් – හො (Dr: Yun Yong – Ho ) මහතාද සිටිනවා.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොලේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගනු ලැබුවා.

ඔවුන් සිය සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද මුණගැසීමට ද නියමිතයි.

IMG 20230323 184642 scaled
IMG 20230323 WA0062 2
IMG 20230323 WA0063 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?