විනිසුරුවරුන්ගේ වැටුපෙන් PAYE Tax අයකර කිරීම ගැන අධිකරණය දුන් නියෝගය

විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) අය වළක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ලබන සිකුරාදා (24) දක්වා තව දුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (21) නියෝග කළා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් අදාළ බදු අය කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී එම සංගම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සමට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඊට අමතරව අදාළ බදු අය කිරීම වළක්වාලමින් දැනටමත් පනවා තිබෙන තහනම් නියෝගය දීර්ඝ කරන ලෙසත් ඔහු අයැද සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස නියෝග කළා.

පෙත්සම්කාර විනිසුරු සංගම් කියා සිටින්නේ තමන් විධායකය නියෝජනය නොකරන ස්වාධීන පිරිසක් බැවින් තමන්ගෙන් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නෛතික බලයක් නොමැති බවයි.

එබැවින් තමන්ගෙන් අදාළ බද්ද අය කිරීමට අධිකරණ අමාත්‍යංශය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
4
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?