Fly high Get bonus Aviator Phone

විදේශීය දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

ගුවන්තොටුපොළේදී සිදු කළ වැටලීම් 02කින් මෙම විදෙස් දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පළමු වැටලීමෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕමානයේ මස්කට් නුවර සිට  ඕමාන ගුවන් සේවයේ ඕ.වී.- 437 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි කුරුවිට, පරකඩුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත පුද්ගලයෙකි.

ඔහු සිය ගමන් මලුවල බහා රුපියල් අට ලක්ෂ හැට දහසක් වටිනා ‘මැන්චෙස්ටර්’ වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 8,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 43 ක් රැගෙනවිත් තිබුණා.

දෙවැනි වැටලීමෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (08) ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී 119 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි කොළඹ 14, නාගලගම් වීදියේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ ගමන් මලු අතපසු වී (Miss Handle Baggage) ගුවන්තොටුපොළ තුළ දමා ගොස් තිබුණා.

ඔහු එම ගමන් මලු අද (09) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ රැගෙන යමින් සිටියදී ඒවා තුළ සඟවා තිබූ රුපියල් හය ලක්ෂ හතලිස් දහසක් වටිනා ‘මැන්චෙස්ටර්’ වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 6,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 32ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙමෙනකොට තමයි අපි බැලුවේ - පස්සේ දැක්කේ වහලේ නෑ කියලා
01:45
Video thumbnail
මුළු කොළඹ පිරෙන්නම සෙනඟ ආපු හැටි බලන්නකෝ
03:14
Video thumbnail
අනේ... මගෙ දෙයියනෙ පණ දෙන්න මගේ දරු පැටව් දෙන්නට
03:15
Video thumbnail
රටම වෙසක් සිරියෙන් නැහැවෙද්දී ගමක් එකතුවෙලා කරපු දේ
08:30
Video thumbnail
කොට්ටා උරයෙත් නම ගහලා දෙන අපේ බෞද්ධයෝ
15:46
Video thumbnail
සංසාරේ කිසිම දවසක කිසිම කෙනෙක් රවට්ටන්න එපා - මේ කතාව අහන්න වටිනවා
06:36
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට තොරණක දිග හැරුණු ජාතක කථාව - තොරණ බලන්න මහ සෙනගක්
02:42
Video thumbnail
ජීවිත 22 ක් බිලිගත් අනතුර සම්බන්ධව කරුණු සෙවීමට ගිය කමිටුව හෙළිකරගත් දේ
02:55
Video thumbnail
අප්‍රසන්න ටික්ටොක් කරන කෙල්ලන්ට උණ ගැනෙන්න කියපු කතව
10:08
Video thumbnail
ජීවිත 22ක් බිළිගත් බිහිසුණු බස් අනතුරෙහි ඔබ නොදුටු දසුන්
01:25

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?